එයා මොකද කියන්නෙ?

සුබ ආරන්චියක්

Chapter 2 by Noman18

"කොහොමද කෙල්ලෙ ඉතින්? සෑහෙන දවසකින් කතා කරන්නත් බැරි උනා"

"ඔව් ඉතින් උබලට කොළඹ ගියාට පස්සෙ අපිවත් අමතකයිනෙ" මං එහෙම කිව්ව.

"අනේ නෑ බං, පහුගිය විභාග හින්ද වැඩ වැඩි වෙලා හිටියෙ. මේ ඒක නෙමේ මං මේ ගත්තෙ උබට දෙයක් කියන්න."

"ඒ මොනවද?"

"අපේ ඉස්කෝලෙ දැන් ඉන්න 8~9 වසර භාර නැටුම් ටීචර් එයාගෙ මහත්තය වැඩ කරන රටට එයත් එක්ක යන්න කියල ඉස්කෝලෙන් අයින් වෙනවලු."

"ඉතින්?"

"ඉතින් කියන්නෙ බං? මම අපේ ප්‍රින්සිපල් සර්ට උබ ගැන කියල උබේ cv එක පෙන්නුව. ඔයාගෙ සුදුසුකම් හොඳයි කියල ඔයා කැමති නම් ලබන වාරෙ ඉදන් ටීච් කරන්න ඉස්කෝලෙට ජොයින් වෙන්න පුලුවන් කිව්ව."

"උබ ඔය ඇත්තමද කියන්නෙ?"

"ඔව් ඔව් බන් ඇයි මම උබට බොරු කියන්නෙ. තව සති තුනකින් ඉස්කෝලෙ පටන්ගන්න කලින් උබ මෙහෙට එන්න වෙයි." අපි තව පැයක් විතර කතා කරල ෆෝන් එක තිබ්බ.

ඊළඟ සති දෙක මම කොළඹ යන්න ලෑස්ති උනා. ගෙදර අය හරියට සතුටු උනා ටීචින් ජොබ් එක ගැන දැනගත්තම.

Start your own immersive adult AI roleplay story
Ad

ඊට පස්සෙ?

Back Start Over View Story Map

0 comments