පහුවෙනිදද අනිද්ද?

අනිද්ද

Chapter 4 by Noman18

පහුවෙනිදත් කිසිම විශේශයක් නැතුව ගෙවිල ගියා. රුවිණි ඉස්කෝලෙ ගෙනියන්න අවශ්‍ය කරන දේවල් ලෑස්තිකරගත්ත.මාත් ඉතින් ලෑස්තිකරගන්න මහලොකු දෙයක් නැතත් මම අඳින්න හිතාගෙන හිටපු සාරිය වගේ දේවල් ලෑස්තිකරගත්ත.

අනිද්ද උදේම නැගිටල ලෑස්ති වෙලා 6.35 වෙද්දි අපි දෙන්න එලියට බැස්ස. රුවිණි සාමාන්‍යෙන් යන බස් එකේම අපි නැග්ග. උදේ ඉස්කෝලෙ යන ළමයිනුයි ඔෆිස් යන අයයි නිසා බස් එක පිරෙන්න සෙනග. ටික දුරක් යද්දි මට තේරුණා කාගෙ හරි අතක් මගෙ පස්සෙ වදිනව. පළවෙනි සැරය මං එච්චර හිතුවෙ නෑ, කාටහරි වැරදිලා වදින්න ඇති කියල. ඒත් හතරවෙනි පස්වෙනි සැරේ වෙද්දි මට තේරුණා කවුරුහරි උවමනාවෙන් කරන්නෙ කියල.

හොඳ වෙලාවට වැඩි වෙලා යන්න ඉස්සෙල්ල අපි බහින තැනට ආව නිසා අපි බැස්ස බස් එකෙන්. රුවිණි මාව කෙලින්ම එක්කන් ගියේ ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එකට.

ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එකට යද්දි තව තරුන ටීචර් කෙනෙක් හිටිය ඔෆිස් එක ඇතුලෙ. ප්‍රින්සිපල් හොඳ උස මහත කෙනෙක්. වයස 47 විතර රුවිණි කියපු විදිහට.

"ආ එන්න ඇතුලට රුවිණි. මේ ඉන්නෙ අපේ අලුත් නැටුම් ටීචර් වෙන්න ඕන?" ප්‍රින්සිපල් මගේ දිහාවට හැරෙන ගමන් ඇහුව. "ඔය ළමයගෙ නම මොකක්ද කිව්වෙ?"

වත්සලා රසාංගි” මම උත්තර දුන්න. ඊටපස්සෙ අනිත් ටීචර්වත් අඳුන්වල දුන්න. එයාගෙ නම නිත්මා කියල කිව්ව. නිත්මා ගියාට පස්සෙ අපි තව ටික වෙලාවක් ඔෆිස් එකේ ඉදන් කතාකරා.

මට එදා තිබ්බෙ උගන්නන්න තිබුනෙ පීරියඩ් 3යි. දෙවෙනි ඉන්ටර්වල් එකේදි රුවිණි මට ස්ටාෆ්රූම් එකේ හිටිය අනිත් ටීචර්ස්ලව අඳුන්වල දීල මුලු ඉස්කෝලෙම පෙන්නුව.

ඉස්කෝලෙ නම් සෑහෙන ලොකුයි. මට භාරව තිබ්බෙ නැටුම් නිසා වෙනම පන්ති කාමරයක් හම්බවෙලා තිබුන. හැබැයි ඒක තිබුනෙ අනිත් පන්ති වලින් ඈතට වෙන්න ටිකක් පරන බිල්ඩිමක. මේකෙ තිබ්බෙ නැටුම් පන්තියයි, විද්‍යාගාරයයි, ටොයිලට් එකයි තව වහල දාල තිබුන කාමර දෙක තුනකුයි විතරයි.

එදා දවස ලොකු විශේෂයක් නැතුව ගෙවිල ගියා. මායි රුවිණියි හවස 3.30 විතර තමා ගෙදර යන්න පිටත් උනේ එයාට වැඩ වගයක් තිබ්බ නිසා.

Start your own immersive adult AI roleplay story
Ad

ඊටපස්සෙ මොකද උනේ?

Back Start Over View Story Map

0 comments